NextWatch

වනිදු කෝටි දෙකකට මිළ දී ගනී

ශ්‍රී ලංකාවේ ක්‍රීඩක වනිඳු හසරංග ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 2 කට මිලදී ගන්නා ලදී.

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය අබුඩාබි හිදී මේ වනවිට පැවැත්වෙයි.

වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 359 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් ක්‍රීඩකයින් 246 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වේ.

එමෙන්ම විදෙස් ක්‍රීඩකයින් 113 දෙනෙකු  ක්‍රීඩක වෙන්දේසිය සඳහා එක් කිරීමට නියමිතව ඇති බව සඳහන් වේ.

2026 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු ද එක්කර තිබේ.

Exit mobile version