NextWatch

පුත්තලම ප්‍රදේශයේ අනතුරකින් දෙදෙනෙක් මරුට

පුත්තලම අට්ටවිල්ලුව ප්‍රදේශයේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී, එක් පැදිකරුවකු මිය ගොස් ඇති අතර, අනෙක් පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමේදී මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

තුවාල ලැබූ පසුපැදිකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Exit mobile version