NextWatch

අම්බුළුවාවේ ගිය රුසියානු ජාතික කාන්තාවක් රෝහල්ගතකෙරේ

අම්බුළුවාව කුළුන නරඹා පහලට පැමිණි කාන්තාවකගේ බෑගයට රිලවකු පැණීම නිසා ඇතිවූ කළබලකාරී තත්ත්වයකින් පසු තුවාල ලැබූ රුසියානු ජාතික කාන්තාවක් ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ඇගේ දකුණු කකුළේ දණහිසට පහලින් තුවාලයක් සිදුවී තිබුණු බවත්, ඒ සඳහා ප්‍රතිකාර කර මැහුම් දැමීමෙන් පසු ඇය රෝහලෙන් මුදා හැරීමට පෙර තම කැමැත්තෙන්ම ටිකට්පතේ අත්සන් කර හෝටලෙන් පිටව ගිය බවත් ගම්පොල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

වයස අවුරුදු 45ක් පමණ වන මෙම කාන්තාව අම්බුළුවාව කුළුන නරඹා පහලට පැමිණ එහි පිවුසුම අසල වාඩිගෙන සිටි බවත්, එම අවස්ථාවේ ඇගේ බෑගයට රියවකු පැනීම හේතුවෙන් ඇය බියට පත්ව දිවයෑමට උත්සාහ කර ඇති බවත්, අම්බුළුවාව පිවිසුම් දොරටුව අසල තිබූ ටයිල්කරන ලද බංකුවට වැදී ඇගේ පාදනය තුවාල වී ඇති බවත් ගම්පොල මූලස්ථාන පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

Exit mobile version