ලාදුරු ආසාදිත අවුරුදු 15ට අඩු දරුවන් 123ක් පසුගිය වර්ෂයේ දී වාර්තා වූ බව ලාදුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය යසෝමා වීරසේකර මහත්මිය පැවසුවාය.
ගිය වසරේදී ලාදුරු ආසාදිත නව රෝගීන් 1282ක් වාර්තා වූ අතර ඒ අතරින් 123ක් දරුවන් වන බවත් එය සමස්ත ලාදුරු රෝගීන්ගෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 10ක් බවත් ඇය ප්‍රකාශ කළාය.
2030 වසර වන විට දරුවන්ගේ ලාදුරු රෝගය බින්දුව දක්වා අඩු කිරීම ඉලක්කය බවත් ඒ තත්වයෙන්ම 2035ක් දක්වා පවත්වා ගතහොත් ලාදුරු තුරන් කිරීම දක්වා යා හැකි බවත් ඇය ප්‍රකාශ කළාය.
ලෝක ලාදුරු දිනය මේ මස 25 වැනිදාට යෙදී ඇති අතර ඒ නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහත්මිය මේ බව ඊයේ (21) කියා සිටියාය.
“අත්වැල් බැඳ ගනිමු – ලාදුරු දුරලමු“
මෙවර තේමාව වේ.
නව රෝගීන්ගෙන් සියයට 8ක් පමණ ප්‍රතිකාර සඳහා යොමු වන විට විකලාංග තත්වයට පත්ව හමාර බවත් විකලාංග තත්වය වළක්වා ගැනීමට පුද්ගලයන් ලාදුරු සම්බන්ධයෙන් දැනුම්වත් කළ යුතු බවත් ඇය පැවසුවාය.
මහජන සෞඛ්‍යයට තර්ජනයක් නොවන ලෙස ලාදුරු රෝගය මෙරටින් තුරන් කිරීම 1995 වසරේදී සිදු කළ බවත් පුද්ගලයන් 10000කින් එක් පුද්ගලයකු වාර්තා වීම මහජන සෞඛ්‍යයට තර්ජනයක් නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇස්තමේන්තු කර ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.
ලාදුරු රෝගය තුරන් කළ බවට ඉන් නොහැඟෙන්නේයැයි ද ඇය අවධාරණය කළාය.
රෝගීන් සහ රෝගීන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීමෙන් රෝගය පාලනය කළ හැකි බවත් රෝගීන්ට සහ ආශ්‍රිතයන්ට ප්‍රතිකාර සේවා රජයේ රෝහල් මඟින් නොමිලේ ලබාදීම සිදු කරන බවත් ඒ මහත්මිය කීවාය.
රෝගීන් කල් ඇතිව හඳුනා ගැනීම වඩාත් වැදගත් බවත් නමුත් මේ පුද්ගලයන් ප්‍රතිකාර සඳහා යොමු වීම ප්‍රමාදවීම ගැටලුවක් බවත් ඇය පැවසුවාය.
ආසාදිත රෝගියකු හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කර දින තුනක් ගත වීමෙන් පසුව ආසාදිත පුද්ගලයාගෙන් රෝගය බෝවීමක් සිදු නොවන්නේ යැයි ද හෙතෙම පැවසීය.
ලාදුරු රෝගය යනු කුමක්ද?
ලාදුරු යනු Mycobacterium leprae නමැති බැක්ටීරියාව මගින් බෝවන, නිදන්ගත රෝගයක් වන අතර එය සම සහ පර්යන්ත ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරයි.
ශ්වසන මාර්ගයෙන් නිකුත් වන ආසාධිත බිඳිති මගින් මෙම රෝගය ව්‍යාප්ත වීම සිදුවේ.
මෙම රෝගය මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට බෝවිය හැකි අතර මේ සඳහා නිශ්චිත වාහකයෙකු හඳුනාගෙන නොමැත.
ප්‍රතිකාර ගන්නා රෝගියකුගෙන් මෙම රෝගය අන් අයට බෝ නොවේ.
ලාදුරු රෝගය පහසුවෙන් හඳුනාගෙන ප්‍රතිකාර ලබා දීම හා සුව කිරීම කළ හැක.
ලාදුරු රෝග විනිශ්චය ප්‍රධාන වශයෙන් සිදුකරනු ලබන්නේ සායනයේදී රෝග ලක්ෂණ හඳුනා ගැනීම මගිනි.
ලාදුරු රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ හැඟීම් නොදැනෙන ලප කැළැල් ය.
ලාදුරු රෝගයේ ප්‍රධාන ගැටලුවක් වන්නේ දුබලතා ඇති වීම මගින් ඵලදායීතාව අහිමි වීමයි.
මෙම දුබලතා ලාදුරු රෝගය නිසා ඇති වන ප්‍රතික්‍රියා නිසා ඇති වන අතර ඕනෑ ම අවස්ථාවක එනම් ප්‍රතිකාර සම්පූර්ණ කිරීමෙන් පසු පවා ඇති විය හැක.
කලින් රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම මගින් මෙම දුබලතා බොහෝ දුරට වළක්වා ගත හැක.
ලාදුරු රෝගයේ ලක්ෂණ සහ රෝග ලක්ෂණ මොනවාද?
ලාදුරු රෝගය ප්‍රධාන වශයෙන් බලපායි සම සහ මොළයේ සහ සුෂුම්නාවෙන් පිටත පිහිටා ඇති පර්යන්ත ස්නායු. ඇස් සහ නාසයේ අභ්‍යන්තර ප්‍රදේශයේ ඇති සියුම් පටක ආස්තරණයට ද බලපෑම් ඇති විය හැක. අනෙකුත් රෝග ලක්ෂණ ඇතුළත් වේ:
- සමේ තුවාල විකෘති කිරීම
- සති කිහිපයක් හෝ මාස කිහිපයක් පවතින ගැටිති හෝ ගැටිති
- සුදුමැලි වර්ණ ඇති සමේ තුවාල
- මාංශ පේශිවල දුර්වලතාවය
සමේ තුවාල නිසා ස්පර්ශය නැතිවීම, උණුසුම හෝ වේදනාව දැනේ. සති කිහිපයකට පසුව වුවද, තුවාල සම්පූර්ණයෙන්ම සුව නොවන අතර සාමාන්‍ය සමේ තානයට වඩා සුදුමැලි වී හෝ කෝපයට පත් වී දැවිල්ල ඇති වේ.
ලාදුරු රෝගය පැතිරෙන්නේ කෙසේද?
ලාදුරු රෝගය ආසාදනය වී ඇති පුද්ගලයෙකු සමඟ සම්බන්ධ වීමෙන් පැතිරෙන බව සොයා ගනී. ලාදුරු රෝගයෙන් පෙළෙන පුද්ගලයා කිවිසුම් යාමේදී හෝ කැස්සෙන් ආවරණය වී ඇති විට එය පැතිර යා හැකි අතර එමඟින් බැක්ටීරියා ජල බිඳිති හරහා ගමන් කරයි.
එය අධික ලෙස බෝ නොවන නමුත් ප්‍රතිකාර නොකළ පුද්ගලයෙකු සමඟ දිගු වේලාවක් සමීපව, නැවත නැවත සම්බන්ධ වීමෙන් ලාදුරු ආසාදනයක් ඇති විය හැක, මන්ද එය සෙමෙන් ගුණ කරන බැක්ටීරියාවක් නිසා ඇතිවේ. මෙම රෝගය වසර පහක සාමාන්ය පුර්ව ලියාපදිංචි තක්සේරු කාලයක් ඇත.
ප්‍රතිකාර මොනවාද ?
රෝගයට ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර පවතී. රෝග කාරක බැක්ටීරියාව සම්පුර්ණයෙන් විනාශ කළ හැකි ප්‍රතිජීවක ඖෂධ වර්ග මාස 6ක් හෝ මාස 12 ක කාලයක් නොකඩවා වෛද්‍ය උපදෙස් අනුව භාවිත කිරීම ඉතා වැදගත් වේ. රෝග ලක්ෂණ ඇති වූ වහාම වෛද්‍යවරයකු වෙත පැමිණ නිසි ප්‍රතිකාර ගැනීමෙන් ස්නායු දුර්වලතාවක් රහිතව රෝගය සම්පුර්ණයෙන්ම සුව කළ හැකිය.
ලාදුරු නිට්ටාවටම සුව කළ හැකිද?
ලාදුරු පරම්පරා ගත රෝගයක් නොවේ. නිසි ලෙස ප්‍රතිකාර ගැනීමෙන් සම්පුර්ණයෙන්ම සුවය ලබා ගත හැකි රෝගයකි. දිගින් දිගටම ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් සුව නොවන තුවාල පැවැතීම, ඇඟිලි කෙටි වීම දක්වා වර්ධනය විය හැකිය. එහෙත් ඇඟිලි හැළිමක් සිදු නොවේ. එසේම ලාදුරු රෝගය ස්පර්ශයෙන් බෝ නොවේ. ළඟම පිහිටි රජයේ චර් ම රෝග සායනයෙන් හෝ කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ මධ්‍යම ලාදුරු රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගත හැකිය.
ලාදුරු සම්බන්ධ ශ්‍රී ලංකා ඉතිහාසය
ශ්‍රී ලංකාවේ ප්‍රථම ලාදුරු රෝහල ලන්දේසි පාලන සමය තුළ, ක්‍රි.ව. 1708 දී ස්ථාපනය කරන ලදි.
ප්‍රථමයෙන් ලාදුරු සඳහා සාර්ථක ප්‍රතිකාරයක් සොයාගනු ලැබුවේ, 1940 වර්ෂයේය.
වර්තමානයේ ලාදුරු රෝගය සුව කිරීම සඳහා බහු ඖෂධ ප්‍රතිකාර (MDT) ලබා දෙන අතර ලාදුරු වර්ගය අනුව මාස 6ක් හෝ 12ක් වශයෙන් ප්‍රතිකාර ලබා දීම සිදුකරයි.
ලාදුරු මර්දන ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ස්ථාපනය කරන ලද්දේ 1954 වසරේදී ය.
1995දී ලාදුරු මර්දන ඉලක්කයට ළඟා වීමට ශ්‍රී ලංකාවට හැකි විය.
එම නිසා 2001දී ලාදුරු සේවාවන් සාමාන්‍ය සෞඛ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරන ලදී.
කෙසේ වෙතත්, තවමත් නව ලාදුරු රෝගීන් 2000 ක් පමණ වාර්ෂිකව වාර්තා වේ.
