NextWatch

ප්‍රවීණ සිනමාවේදී සේන සමරසිංහ දිවි ගමනට සමුදෙයි

සිංහල සිනමාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක් සඳහා දායක වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, සේන සමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඒ මහතා 89 වන වියේ පසුවුණි.

සේන සමරසිංහ නම් වූ ඔහු මෙරට සිනමා ඉතිහාසයේ 70-80 දශකයන්හි ජනප්‍රිය සිනමාවේ කිරුළ දැරූ අධ්‍යක්ෂවරයකි. පිට පිටම බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට හැදූ ඔහු බොහෝ විට සිනමා පටයේ නිෂ්පාදකයා මෙන්ම අධ්‍යක්ෂවරයාද වූයේය. එසේම ඇතැම් චිත්‍රපටයන්හි තිර රචකයා මෙන්ම ගීත රචකයා වූයේ ද ඔහුය.

පෞද්ගලික තොරතුරු

1937 නොවැම්බර් මස 25 වැනි දින කෑගල්ලේ ප්‍රදේශයේ රන්දෙණිය ග්‍රාමයේ උපත ලැබූ නන්දසේන සමරසිංහ මහතා කලා ලොව සේන සමරසිංහ නමින් ප්‍රසිද්ධියට පත්වූ අතර, ඔහු ජනප්‍රිය චිත්‍රපටි නළුවෙකු වන බන්දු සමරසිංහ මහතාගේ ඥාතියෙකු ද වේ.

බණ්ඩාරවෙල ගුරුතලාව සාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති සේන සමරසිංහ මහතා, පාසල් සමයේදී ක්‍රීඩා අංශයෙන් සුවිශේෂී දස්කම් පෙන්වූ අයෙක් වන අතර, පාසලේ නායකත්ව ද දරමින් ආදර්ශමත් පාසල් සිසුවෙක් වුයේය.

සේන සමරසිංහගේ පියා මාතර ප්‍රදේශයේ සිට පැමිණ රඹුක්කන ප්‍රදේශයේ කාන්තාවක් හා විවාහ වී එහි පදිංචි වූවෙකි. ඔහුගේ ජීවන ව්‍යාපාරය වූයේ තෙල් මෝලක් පවත්වාගෙන යෑමය මේ පවුලේ වැඩිමල් දරුවා වූයේ සේන සමරසිංහය. ඔහුට බාල නැගණියන් දෙදෙනකු සහ මල්ළිලා දෙදෙනෙකුද විය තාත්තා ව්‍යාපාර කටයුතුවල නියුතු වූවෙක් නිසා ඔවුනට කිසිදු අඩුපාඩුවක් අග හිඟයක් නොවීය.

සේන සමරසිංහ සිනමා ලොවට ප්‍රවිෂ්ට වනුයේ ව්‍යාපාරයෙකු වශයෙන් ස්ථාවරත්වයක් ගොඩනඟා ගත්තාට පසුවය. ඔහුගේ පියා ජීවතුන් අතර සිටියදී පවා මේ පවුලේ අය සිනමාවට වඩා ලැදිකමක් දැක්වූයේය. රඹුක්කන මා ඔය ආශ්‍රිතව එකළ බොහෝ චිත්‍රපටයන්හි රූ ගැන්වීම් සිදු කෙරුණ අතර සිනමා කර්මාන්තයට සම්බන්ධ බොහෝ පිරිස් එකල සේන සමරසිංහයන්ගේ නිවසට පැමිණි බව සඳගන් වේ. ප්‍රවීණ රූපණවේදී ගාමිණී ෆොන්සේකා සේන සමරසිංහයන්ගේ ගජ මිතුරෙකු වන්නේ ද එසේය. 1971 වර්ෂයේදී සේන සමරසිංහලගේ ව්‍යාපාරයන්ට විවිධ බලපෑම් එල්ල වූ වසරක් විය. මේ නිසාම ඔහු ටික දිනකට ව්‍යාපාර වසා දමා වත්තල ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසට විත් දිවි ගෙව්වේය. මේ නිවස පිහිටියේ හැඳල විජය චිත්‍රාගාරය අසලය. සේන විජය චිත්‍රාගාරයට ගොස් චිත්‍රපට රූ ගැන්වීම් දෙස නිතර බලා සිටි බව ඔහු වරෙක සඳහන් කර ඇත.

සේන මුලින්ම සිනමාවට පිවිසෙනුයේ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වශයෙනි. එහෙත් ඉන් අනතුරුව ඔහු කළ නිෂ්පාදන අධ්‍යක්ෂණය කළේද ඔහු විසින්මය.



සේන සමරසිංහගේ සිනමා නිර්මාණ

ඔහුගේ සිනමා ගමන් මගේ ආරම්භයය ලෙස 1973 දී මිල්ටන් ජයවර්ධන මහතා සමග සදහටම ඔබ මගේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම දැක්විය හැකිය. බන්දු සමරසිංහ මහතා මෙම චිත්‍රපටයෙන් විකට නළුවෙකු ලෙස දොරට වැඩීමසිදුවිය. එහිදී ගාමිණී, මාලීනී, ජෝ අබේවික්‍රම, සෝනියා වැනි සිනමාවේ ජනප්‍රිය සිනමා නළුනිළියන් යොදා ගනිමින් විශිෂ්ඨ ලෙස නිර්මාණය කරන ලදී. එම චිත්‍රපටය තුලින් සිංහල සිනමාවට ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණය කරන තවත් විශිෂ්ට සංගීතවේදීයෙකු වන සරත් දසනායකයන්ව හඳුන්වා දුන්නේ ද මෙතුමා ය. සේන සමරසිංහයින් සදහටම ඔබ මගේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමෙන් පසුව 1974 දී කස්තුරි සුවඳ චිත්‍රපටය තුළින් සිනමා අධ්‍යක්ෂකවරයෙකු බවට පත් විය. එයද ජනප්‍රිය සිනමාව තුල වාර්තා පිහිටුවීමට සමත් වූ චිත්‍රපටයක් විය.

1974 ගකස්තුරි සුවඳ
1976 නිල්ල සොයා
1978 ආශා දැසින්
1980 මල් කැකුලු
1981 චංචල රේඛා
1983 ඇතින් ඇතට
1986 යලි හමුවෙන්නයි
1980 මල් කැකුලු
1991 බඹර කලාපේ

විශේෂ සිදුවීම්

මිල්ටන් මල්ලවාරච්චි මහතා නිල්ල සොයා චිත්‍රපටයෙන් තිරකටහඬකට උචිත ගායකයෙකු ලෙස ස්ථාවර වීම
සරත් දසනායක මහතා සදහටම ඔබ මගේ චිත්‍රපටය තුලින් සිනමා සංගීතයේ නව පිබිදීමක් ඇති කිරීමග
හරිස් ජයරත්න මහතා ඈතින් ඈතට චිත්‍රපටය තුලින් සිනමා නළුවෙකු ලෙස දොරට වැඩීම
ශ්‍යාමී ෆොන්සේකා මහත්මිය මල් කැකුලු තුලින් සිනමා ගිත ගායිකාවක් වීම
ග්‍රේෂන් ආනන්ද මහතා මල් කැකුලු චිත්‍රපටයෙන් සිනමා ගීත ගායනයට පිවිසීම
චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය යලි හමුවෙන්නයි චිත්‍රපටයෙන් සිනමා ගීත ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයට
පිවිසීම

සිනමා අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම තිරනාටක රචකයෙකු ලෙස ද සිනමාවට එතුමා සම්බන්ධධ විය. බඹර කලාපේ ඔහුගේ තිරනාට්‍යයකිග එමෙන් ගීත රචකයෙකු ලෙසද ගිත කිහිපයක්ම රචනා කර ඇති එතුමා විජය කුමාරතුංග සමග චන්ද්‍රලේඛා ගැයූ මංගල නැකත සහ සුදු දුව හි ද නිෂ්පාදකතුමාය.

සමරසිංහ චිත්‍රපට නමින් සිනමා චිත්‍රාගාරයක්ද එතුමා පවත්වාගෙන ගිය අතර එයින් වෙනත් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට නිෂ්පාදන සඳහා කැමරා උපකරන ආදිය සපයන ලදී. මෙසේ එතුමා සිනමා කර්මාන්තයට සුවිසල් සේවයක් ඉටු කල සිනමාකරුවන් අතර ප්‍රමුඛ ස්ථානයක් ලැබුවාය. එතුමා පසු කලෙක ශ්‍රිලංකා පකිස්තාන් හවුල් නිෂ්පාදන කිහිපයක් ද ශ්‍රිලංකාව වෙනුවෙන් අධ්‍යක්ෂනය කලේය. මෙම චිත්‍රපටවල ශ්‍රි ලංකා අධ්‍යක්ෂණය සේන සමරසිංහගෙනි.
සදාකල් රැඳේවා – නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය
සිංහ පැටවු – සම නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය
දෝංකාරය
අයියා නගෝ
සාගර පෙරළිය
ඔක්කොම කපටියෝ


තම හැකියාවන් විශිෂ්ඨ ලෙසත් හරවත් සුන්දර නිර්මාණයන් ලෙසින් එලි දැක් වූ එතුමා සිනමාව පෝෂනය කරමින් සිනමාශාලාවලට ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරමින් චිත්‍රපට නිර්මාණය කර බඹර කලාපය චිත්‍රපටයයෙන් පසු සිනමා අධ්‍යක්ෂණයට සමුදුන්නේය.

Exit mobile version