NextWatch

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 108.73 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එමෙන්ම අමෙරිකානු WTI බොරතෙල් මිල ද 20% කින් පමණ ඉහළ ගොස් ඇති අතර එහි බැරලයක් ඩොලර් 108ක් ලෙස සටහන් වී තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා තවදුරටත් පැවතීම සහ සැපයුම සීමා වීම හේතුවෙන් මෙසේ  බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Exit mobile version