NextWatch

ලෝක වෙළෙඳපොළේ යූරියා පොහොර මිල ඉහළට

මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එක්සත් ජනපදයේ යූරියා පොහොර මිල ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

ඒ අනුව, යූරියා පොහොර ටොන් එකක් ඩොලර් 600 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි.

නිව් ඕර්ලියන්ස් (New Orleans) කැටිති යූරියා මිල වසර තුනකට වැඩි කාලයකට පසු උපරිම මට්ටමට පැමිණ ඇත.

2022 වසරේදී යුක්‍රේන-රුසියානු යුද්ධය ආරම්භ වූ සමයේද පොහොර මිල වාර්තාගත ලෙස ඉහළ ගිය අතර, ඉන්පසු 2023 සහ 2024 වසරවල මිල යම් මට්ටමකට අඩු වී ස්ථාවරව පැවතුණි. 

නමුත් දැන් නැවතත් එම මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.

Exit mobile version