NextWatch

මිලියන 75 ක් රජයට ගෙවන්නැයි කෙහෙළියට අධිකරණ නියෝගයක්

මිලියන 75 ක් රජයට ගෙවන්නැයි කෙහෙළියට අධිකරණ නියෝගයක්

2022 වසරේ ඉන්දියානු ණය ආධාර යටතේ, ලියාපදිංචි නොවූ සමාගමකින් ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කරමින් සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීම හරහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) තීන්දු කළේ ය.

Transparency International Sri Lanka ආයතනය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ලබා දුන් මෙම තීන්දුවට අනුව, වගඋත්තරකරුවන්ට රජය වෙත විශාල වන්දි මුදලක් ගෙවීමට නියම කළේ ය.

ඒ අනුව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තම පෞද්ගලික මුදලින් රුපියල් මිලියන 75ක් රජයට ගෙවිය යුතු බව නඩු තීන්දුවේ සඳහන් වේ.

එමෙන්ම හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත රුපියල් මිලියන 50ක්, NMRA හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න: රුපියල් මිලියන 50ක්, NMRA ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන රුපියල් මිලියන 50ක් බැගින් රජයට ගෙවිය යුතු බව නියෝගයේ සඳහන්.

Exit mobile version