NextWatch

ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනාධිපතිට ඉදිරිපත් කළ ප්‍රශ්න 22 මොනවා ද ?

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් විමර්ශකයින් මහෙස්ත්‍රාත් අධිකරණයකට ‘කරුණු වාර්තා කිරීමක්’ හෝ සිදු කර නොමැති බව ෆී ලෝයර්ස් සංවිධානය පවසයි.

එමෙන්ම ඔවුන් සඳහන් කර සිටින්නේ වැඩ තහනමට ලක්වී ඇති නිලධාරීන්ගේ සාක්ෂි සටහන් කිරීමක් හෝ විමර්ශකයින් විසින් සිදු කර නොමැති බවය.

ඒ හේතුවෙන් එම සංවිධානය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කැබිනට් මණ්ඩලයට විවෘත ප්‍රශ්න 22ක් යොමු කර තිබේ.

ෆී ලෝයර්ස් සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරන්නේ ජනාධිපතිතුමන් සහ කැබිනට් මණ්ඩලය විසින් මෙම ප්‍රශ්න 22ට විවෘත පිළිතුරු ලබාදිය යුතු බවය.

Exit mobile version