NextWatch

ශ්‍රී ලංකාව සිය ආර්ථික පුන­ර්ජී­වනය IMF ලබා දී තිබූ ආදා­යම් ඉලක්ක ඉක්මවා යෑමට සමත්ව තිබේ.

වාර්තා­ව­ලට අනුව, රජයේ ආදා­යම දළ දේශීය නිෂ්පා­දි­තයේ ප්‍රති­ශ­ත­යක් ලෙස කැපී පෙනෙන වර්ධ­න­යක් පෙන්නුම් කර ඇත. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ ඇති කර­ගත් එක­ඟ­තා­වන්ට අනුව, රජයේ ආදා­යම දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් සිය­යට 15ක මට්ට­මක පවත්වා ගත යුතු වුවද, ශ්‍රී ලංකාව එම සීමාව ඉක්මවා ගොස් තිබේ.

2025 වසර වන විට රජයේ ආදා­යම දළ දේශීය නිෂ්පා­දි­තයේ ප්‍රති­ශ­ත­යක් ලෙස සිය­යට 16.7ක් දක්වා ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇත. මෙය ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල අපේක්ෂා කළ මට්ට­මට වඩා ඉහළ අග­යකි.

මේ මූල්‍ය ප්‍රග­තිය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාව­ර­ත්වය තහ­වුරු වන අත­රම, ජාත්‍ය­න්තර මූල්‍ය ආය­තන කෙරෙහි රට පිළි­බඳ පව­තින විශ්වා­සය තව­දු­ර­ටත් ශක්ති­මත් වීමක් බවයි පැවසෙන්නේ.

Exit mobile version