ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ලේකම් ධුරයෙන් ඉවත් වන බව මහාචාර්යවරයා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට නිල වශයෙන් දැනුම් දී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කර ඇති බවද සඳහන්.
ලේකම් ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව මහාචාර්ය කපිල පෙරේරා මහතා යළි විශ්වවිද්‍යාල සේවයට එක්වීමට සූදානම් වන බව සඳහන් වන අතර ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු ලෙසද කටයුතු කර තිබේ,
