අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 334 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වේ.
මහ බැංකුව විසින් අද (29) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 324.45ක් ලෙස සටහන් වී තිබේ.
එහි විකුණුම් මිල ලෙස රුපියල් 334.24ක් ලෙස සටහන්ව ඇති බව සඳහන් වේ.
පෙරේදා (27) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක මිලදී ගැණුම් මිල රුපියල් 320.40ක් ලෙස සටහන් වී තිබූ අතර ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 330.81ක් ලෙස පෙරේදා ප්‍රකාශයට පත් කර තිබේ.
