NextWatch

යළි ඉහළට යන ඩොලරය

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 336 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

මහ බැංකුව විසින් අද (02) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.75ක් ලෙස සටහන් වී තිබෙනවා.

මේ අතර විකුණුම් මිල ලෙස රුපියල් 336.60ක් ලෙස සටහන් වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (01) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 325.97ක් ලෙස සටහන් වී තිබූ අතර ඩොලරයක විකුණුම් මිල රුපියල් 335.70ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණා.

Exit mobile version