NextWatch

කපිලගේ මහේස්ත්‍රාත් පරීක්ෂණයට අධිකරණය අද දුන් නියෝගය

පසුගියදා අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය පිළිබඳ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන 09වනදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පරීක්ෂණය අද (05) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම විසින් මියගිය කපිල චන්ද්‍රසේන මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ නඩුවක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා වන උදාර මුහන්දිරම්ගේ යන මහත්වරුන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණි.

ඉන් අනතුරුව කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ සාක්ෂි ද සටහන් කර ගැනීම සිදු විය.

ඉන්පසුව වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 09 වනදා දක්වා කල් තැබිණි.

Exit mobile version