එළඹෙන ජුනි මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ, පාරිභෝගික ජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා සලකා බලා ඔවුන් වෙත සහනයක් සැලසීමේ අරමුණින් මෙම තීරණයට එළඹුණු බවයි.
ඒ අනුව, පසුගිය මැයි මාසයේදී වලංගු වූ මිල ගණන් කිසිදු වෙනසකින් තොරව ජුනි මාසය සඳහා ද එලෙසම ක්‍රියාත්මක වන බව එම සමාගම දැනුම්දෙනවා.
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර අලෙවි වන වත්මන් මිල ගණන් පහතින්,
කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරය: රුපියල් 4,765.00
කිලෝග්‍රෑම් 5 සිලින්ඩරය: රුපියල් 1,910.00
කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරය: රුපියල් 890.00
