NextWatch

සලේ වෙනුවෙන් පැවැත්වෙන අඛණ්ඩ සත්‍යග්‍රහය ඇරඹෙයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ වී තිබේ.

මීට විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නියෝජතයින් රැසක් එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා එල්ල කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා ඉකුත් පෙබරවාරි 25 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි,

Exit mobile version