සරණ ගුණවර්ධන මහතාට එක් නඩුවකට බරපතළ වැඩසහිත වසර 04ක සිරදඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබෙනවා.
ඊට අමතරව රුපියල් ලක්ෂ 06ක දඩයක් ද නියම කළා.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩු හතරකට අදාළව කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළා,
මෙම චෝදනා 06ටම විත්තිකරු වරදකරු කෙරුණු අතර, එක් එක් චෝදනාව සඳහා වසර 04 බැගින් වූ සිරදඬුවම් නියම වුණා.
එම සිරදඬුවම් සියල්ල එකවර ගෙවී යා යුතු බවට අධිකරණය නියෝග කළා.
මීට අමතරව, එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් දඩ නියම වූ අතර, එම දඩ මුදල් පැහැර හරින්නේ නම් එක් චෝදනාවකට මාස 06 බැගින් වන පරිදි අමතර සිරදඬුවම් විඳිය යුතු බව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
මෙම නඩුවේ පැවති චෝදනා 06න් චෝදනා දෙකකින් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා පියවර ගනු ලැබුවා.
ඉතිරි චෝදනා 04 සඳහා වරදකරු කෙරුණු ඔහුට, එක් චෝදනාවකට වසර 04 බැගින් එකවර ගෙවී යන සිරදඬුවම් නියම වුණා.
එමෙන්ම, එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් පැනවූ දඩ මුදල් නොගෙවන්නේ නම්, එක් චෝදනාවකට මාස 06 බැගින් වන සේ අමතර සිරදඬුවම් පනවනු ලැබුවා.
පසුගිය 2006 වර්ෂයේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ, එම ආයතනය සඳහා කුලී පදනම මත වාහන ලබාගැනීමේදී රජයට පාඩුවක් සිදුකරමින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩු පවරා තිබුණා.
