ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව, මහ බැංකුව විසින් අද (09) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.38ක් ලෙස සටහන් වී තිබෙනවා.
විකුණුම් මිල රුපියල් 342.08ක් ලෙස සටහන් වී ඇති බව සඳහන්.
සතියක කාලයක් තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල වැඩිම අගයකට ගොස් තිබුණේ අද දිනයේ බවයි වාර4්තා වන්නේ.
