ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (12) දිනයේ යළි පහළ ගොස් තිබෙනවා.
ඒ ඉරානය වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ හමුදා ප්‍රහාර අවලංගු කිරීමට අමෙරිකාව තීරණය කිරීමත් සමඟයි.
බොරතෙල් බැරලයක මිල මෙම නව තත්ත්වයත් සමග අද දිනයේ යළිත් ඩොලර් 90 සීමාවෙන් පහළට පැමිණීම විශේෂත්වයක්.
ඒ ඊයේ (11) අමෙරිකානු ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් තිබූ පසුබිමකයි.
අද උදෑසන පැවති නවතම මිල ගණන් අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 89.33ක් ලෙසත්
මර්බන් බොරතෙල් බැරලයක් ඩොලර් 87.25ක් ලෙසත්,
අමෙරිකානු WTI බොරතෙල් බැරලයක් ඩොලර් 86.74ක් ලෙසත් සටහන් වී තිබෙනවා.
අමෙරිකාව සිය හමුදා ප්‍රහාරක සැලසුම් අවලංගු කිරීමත් සමග ඇති වූ ලිහිල්භාවය හේතුවෙන් බොරතෙල් මිල මෙලෙස කෙටි කලක් ඇතුළත නැවතත් පහළ මට්ටමකට පැමිණ තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
