අනුරාධපුර හිටපු අටමස්ථානධිපති පල්ලේගම හේමරතන හිමියන් DNA පරීක්ෂණයක් සඳහා සිය රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා අඟහරුවාදා (ජූනි 16) ලබා දුන්නේ ය.
ඒ, උන්වහන්සේ නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මගින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
DNA පරීක්ෂණයක් සඳහා ජූනි 16 දින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් තම රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න සිකුරාදා (ජූනි 12) කළ නියෝගය අනුව පල්ලේගම හේමරතන හිමියන් මෙලෙස රුධිර සාම්පල ලබා දුන්නේ ය.
අනතුරුව සිදු කරන DNA පරීක්ෂණයේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එදින රජයේ රස පරීක්ෂණවරයාට නියෝග කළේ ය.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේ, නිට්ටඹුව පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
