හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ තත්ත්වය දිගින් දිගටම අසාධ්‍ය වෙමින් පවතින බව ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ පවසනවා.
ඒ අනුව, ඔහුට මේ වන විට කතා කිරීමේ අපහසුතාවක් ද ඇති බවත්, බටයක් ආධාරයෙන් පෝෂණය ලබාදීම සිදු කරන බවයි අද (17) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ.
මේ අතර, පසුගිය මාර්තු 08 වැනිදා සුරේෂ් සලේ සිර මැදිරියෙන් පිටතට ගෙන, නිරුවත් කර, deep invasive check (ශරීරය අභ්‍යන්තරයට උපකරණ ඇතුළු කර සිදු කරන පරීක්ෂණයක්) සිදු කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (16) මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පිළිගත් බව ද ඇය එහිදී සඳහන් කළා.
මෙතෙක් ඔවුන් එය ප්‍රතික්ෂේප කළ ද, ඊයේ මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේදී ඔවුන් එය පිළිගත් බවත්, ඔහුව දඬුවම් කුටියකට දමා වද හිංසා පමුණුවා ඇති බවත්, තමන් මාධ්‍ය ඉදිරියට පැමිණ අසත්‍යයක් ප්‍රකාශ නොකළ බවත් ඇය ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පිළිබඳව ඉල්ලීම් සිදු කර ඇති බවත්, මේ වන තෙක් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි සුරේෂ් සලේගේ බිරිඳ වන මනෝරි සලේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
