මහ බැංකුව විසින් අද (18) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 329.18ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 339.06ක් ලෙස සටහන් වී ඇත.
කෙසේවෙතත්, අද දිනයේදී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල දෛනික විනිමය අනුපාතිකයන් අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිලෙහි සුළු පහළ යාමක් වාර්තා වී ඇත.
මේ වනවිට විවිධ බැංකු අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 338 සිට රුපියල් 339 දක්වා මිල පරාසයක පවතින බව සඳහන්වේ.
ඒ අනුව අද (18) පෙරවරුවේ දී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.
ලංකා බැංකුව – රු. 329.75 – රු. 338.75
මහජන බැංකුව – රු. 328.13 – රු. 338.46
සම්පත් බැංකුව – රු. 327.69 – රු. 338.50
කොමර්ෂල් බැංකුව – රු. 328.06 – රු. 338.00
HNB – රු. 329.50 – රු. 339.00
සෙලාන් බැංකුව – රු. 329.25 – රු. 339.5
