හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළව ඒ මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පැවසුවේ, ඔහු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ සිටි කාල සීමාවේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින්,රජයේ වැටුප් දෙකක් ලබාගෙන ඇති බවයි.
ජනාධිපති පෞද්ගලික ලේකම් වැටුපට අමතරව සුගීෂ්වර බණ්ඩාර ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස මෙලෙස වැටුප් දෙකක් ලබාගෙන ඇති බව විමර්ෂනවලදී හෙළි වී තිබේ.
