NextWatch

බන්ධනාගාර ගැටුම ගැන මානව හිමිකම් කොමිසමත් විමර්ශනයක් ආරම්භ කරයි

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට සිය කොමිසම තීරණය කර ඇති බවයි එම කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා සඳහන් කළේ.

ඒ සඳහා ඊයේ (06) දිනයේ මීගමුව බන්ධනාගාරය වෙත සිය නිලධාරීන් පිරිසක් යොමු කළ බවත්, ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් අදාළ විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවයි සඳහන් වන්නේ.

ඉදිරි දින කිහිපය තුළ මීගමුව බන්ධනාගාරය වෙත ගොස්, අදාළ සිදුවීම පිළිබඳ පූර්ණ විමර්ශන ආරම්භ කරන බවයි නිමල් ජී. පුංචිහේවා වැඩිදුරටත් සඳහන් කළේ.

Exit mobile version