NextWatch

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප

2008 වසරේ කොළඹ සහ අවට ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවක සැකකරුවෙකුට සැඟව සිටීමට ආධාර හා අනුබල ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇති හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේ ය.

මීට පෙර අධිකරණය විසින් නිකුත් කර තිබූ නොතීසියකට අනුව විජේගුණරත්න මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

අනතුරුව ඉදිරිපත් කළ චෝදනා පත්‍රයට තමන් නිවැරදිකරු යැයි ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔහු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේ ය.

එහිදී නඩුව විභාගය සඳහා දෙසැම්බර් මස 09 වනදා කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

Exit mobile version