NextWatch

ගතවූ පැය 24 තුළ වටවලට මි.මී 200 ඉක්මවූ වැසි

ද (03) උදෑසන 6ට අවසන් වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය ලෙස මි.මී 200කට අධික වර්ෂාපතනයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ වටවල ග්‍රාම නිලධාරී වසමට මි.මී 204ක වර්ෂාපතනයක් ලැබී ඇත.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ දොළොස්භාගේ ප්‍රදේශයට මි.මී 172ක් හා නාවලපිටියට මි.මී 153.40ක තද වැසි ලැබී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Exit mobile version