NextWatch

කළු ගඟ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

කළු ගඟ ද්‍රෝණියට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම හා ඇලපාත යන ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාව, රියදුරන් සහ මගීන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත්, අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Exit mobile version