අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් හෙට (05) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් අතර අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ විභාග කටයුතු සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න පවසා සිටියේ.
