NextWatch

ඩෙංගු මරණ 68 දක්වා ඉහළට – රෝගීන් 91,000 ඉක්මවයි

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව වසරේ මේ දක්වා සමස්ත ඩෙංගු රෝගීන් 91,059 දෙනෙකු හඳුනාගෙන ඇත.

වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 52.98%ක්ම, එනම් රෝගීන් 48,244 දෙනෙකු බස්නාහිර පළාතෙන් හඳුනාගෙන තිබේ. 

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර රෝගීන් 19,406ක් (21.31%) වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,101ක් (19.88%) සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,491ක් (7.13%) හඳුනාගෙන ඇත. 

එමෙන්ම පසුගිය ජූලි මාසයේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,971කි.

මේ අතර අගෝස්තු මාසයේ ගතවූ දින කිහිපය තුළ පමණක් රෝගීන් 5,714 දෙනෙකු හඳුනාගෙන ඇත.

කෙසේවෙතත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 119ක් තවදුරටත් ඩෙංගු අධි-අවදානම් කලාප ලෙස සෞඛ්‍ය අංශ විසින් නම් කර තිබේ. 

Exit mobile version