NextWatch

අකිලට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ ඔහුගේ ඉන්ධන හලේ සේවකයා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන් නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය. 

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියෝග කළේය. 

Exit mobile version