NextWatch

එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ අයෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් මගින් මාධ්‍ය සාකච්ඡාවක් පළ කරමින් තහවුරු නොකළ තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ(18) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.

අක්කරායන්කුලම් පොලිස් වසමේ පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට තහවුරු නොකළ තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 46 හැවිරිදි බෙල්ලන්විල, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කරන්නේ.

සැකකරු අද(19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version