NextWatch

හරක් කටාගේ තීන්දුවකට එරෙහිව අභියාචනයක්

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන හරක් කටා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට කොළඹ මහාධිකරණය විසින් ඉකුත්දා දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව නීතිපතිවරයා අද (20) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දී තිබේ.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණය විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

Exit mobile version