NextWatch

රුපියල් කෝටි 5ක කොකේන් සමඟ උගන්ඩා ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 43 හැවිරිදි උගන්ඩා ජාතිකයෙකි. පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මොහු මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය උගන්ඩාවේ එන්ටෙබේ නුවරදී ගිල දමා, කටාර් රාජ්‍යයේ දෝහා නුවර වෙත පළමුව පැමිණ ඇති බවයි.

අනතුරුව දෝහා හි සිට කටාර් ගුවන් සේවයට අයත් QR-664 දරන ගුවන් යානයෙන් ඊයේ (13) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති සැකකරු, දහවල් වන තෙක් ගුවන්තොටුපොළ පළමු මහලේ සැකකටයුතු ලෙස රැඳී සිටියදී රේගු නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය පිළිබඳව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් ඉදිරි විමර්ශන කටයුතු සක්‍රියව සිදු කරනු ලබයි.

Exit mobile version