රුපියල් කෝටි 32කට ආසන්න වටිනාකමකින් යුත් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී සොයාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සමත්ව තිබේ.
තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL-405 දරන ගුවන් යානයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය දිවයිනට ගෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. අංක 06 ගමන් මලු පටිය අසල අතහැර දමා තිබූ ගමන් මලු දෙකක් පරීක්ෂා කිරීමේදී, සුළං නොයන ලෙස සූක්ෂම ලෙස ඇසුරුම් කළ පැකට් 60ක තිබී මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය හමු වී තිබේ.
තොගය ප්‍රවාහනය කළ පුද්ගලයා ගුවන්තොටුපොළ තුළදී පරීක්ෂාවන්ට හසුවෙතැයි බියෙන් මෙම මත්ද්‍රව්‍ය පාර්සල් අතහැර පලා යන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
සිදුවීමට සම්බන්ධ සැකකරු හඳුනාගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය ඉදිරියේදී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
