පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන මහත්වරුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කර තිබේ.
මෙම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන යන තිදෙනා වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව සඳහන්.
දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරමින් සිදුකළ විමර්ශන හේතුවෙන් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව අධිකරණය තීරණය කර ඇත..
