NextWatch

ත්‍රස්තවාදී සංවිධානයක් ප්‍රවර්ධනය කලේ යැයි, ඒකාබද්ධ විපක්ශයෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

පසුගිය දොලොස්වෙනිදා අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියේදී තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් ප්‍රවර්ධනය කලේ යැයි සඳහන් කරමින් ඒකාබද්ධ විපක්ශය කල පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ත්‍රස්ත මර්ධන කොට්ඨාශය වෙත යොමු කර තිබේ.

එය පොලිස්පතිවරයාගේ නියෝග මතයි

අනුරාධපුර මහ නගර සභා ක්‍රීඩාංගණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙම රැලියේදී යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ඊයේ දිනයේ (14) පොලිස් මූලස්ථානයට පැමිණ පොලිස්පතිවරයාට එම පැමිණිල්ල ඉදිරිපත් කලහ.

Exit mobile version