හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගා අනුෂ්කා විජේනායක මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අද (16) වරෙන්තු නිකුත් කර තිබේ.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ සම්බන්ධයෙන් දැනට පැවැත්වෙන නඩු කටයුත්තකට අදාළව ඇපකරුවන් ලෙස අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ පෙනී සිට ඇති අතර, අද දිනයේ අදාළ නඩු කටයුත්ත සඳහා අධිකරණය හමුවේ පෙනී සිටීමට ඔවුන් අපොහොසත් වීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇත.
කෙසේ වෙතත්, වාර්තා වන පරිදි අරවින්ද ද සිල්වා මහතාගේ මව වන රාණි ද සිල්වා මහත්මිය පසුගිය 14 වැනිදා අභාවප්‍රාප්ත වී තිබේ. ඇයගේ අවසන් කටයුතු සහ ආදාහන පූජෝත්සවය අද (16) දිනයේ සිදුකෙරෙන බැවින්, ඔවුන් දෙදෙනාට අධිකරණ කටයුත්තට සහභාගී වීමට නොහැකි වී ඇත්තේ ඒ හේතුවෙන් බව වැඩිදුරටත් අනාවරණය වේ.
