NextWatch

සෞදියේ ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

සෞදි අරාබියේ බටහිර කලාපයේ මේ දිනවල මතුවෙමින් පවතින විශේෂ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, එම කලාපයේ වාසය කරන සියලුම ශ්‍රී ලාංකිකයින් වෙත ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ ප්‍රදේශවල ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් නිකුත් කර ඇති මෙම නිවේදනය හරහා ඔවුන් අවධාරණය කර සිටින්නේ, තම ජංගම දුරකථන වෙත යම් හදිසි අනතුරු ඇඟවීමක් (Emergency Alert) ලැබුණහොත්, වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසයි.

එමෙන්ම, යම් හදිසි තත්ත්වයක් පැනනැගුණහොත් ඒ පිළිබඳව දැනුම් දීම සඳහා සහ සහය ලබා ගැනීම සඳහා පහත සඳහන් හදිසි දුරකථන අංක භාවිත කරන ලෙස කොන්සල් ජනරාල් කාර්යාලය වැඩිදුරටත් දැනුම් දී ඇත.

හදිසි අවස්ථා සඳහා ඇමතිය යුතු අංක:

එබැවින්, සෞදි අරාබියේ අදාළ කලාපවල සේවය කරන සහ වාසය කරන සියලුම ශ්‍රී ලාංකිකයින් තම ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, හදිසි අවස්ථාවකදී ඉහත අංක හා සම්බන්ධ වී අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.

Exit mobile version