NextWatch

නාමල් අධිකරණයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එයාර් බස් ගුවන්යානා මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක අල්ලස් මුදලක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නාමල් රාජපක්ෂ මහතා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, එහිදී අද (18) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණා.

Exit mobile version