ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම දෙපාර්තමේන්තුවට අනුව කැලණි ගඟේ ග්ලෙන්කෝස් ප්‍රදේශයෙන් සහ නිල්වලා ගඟේ පානදුගම ප්‍රදේශයෙන් මේ වන විටත් සුළු ගංවතුර තත්ත්වයන් වාර්තා වේ. මීට අමතරව, ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන වැසි නිසා පහත සඳහන් ප්‍රදේශවල ගංගා ජල මට්ටම් අවධානම් මට්ටම දක්වා ඉහළ ගොස් ඇත.
කැලණි ගඟ – හන්වැල්ල, නොර්වුඩ් (කෙහෙල්ගමු ඔය) සහ හොලොම්බුව (ගුරුගොඩ ඔය)
කළු ගඟ – මගුරා (මගුරු ගඟ), කලවැල්ලාව/මිල්ලකන්ද (කුඩා ගඟ) සහ රත්නපුර
ගිං ගඟ – තවලම සහ බද්දේගම
මහවැලි ගඟ – පේරාදෙණිය
පසුගිය පැය 12 ඇතුළත ප.ව. 9:00 වන විට වැඩිම වර්ෂාපතනය කිතුල්ගල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 89.6කි. මීට අමතරව නාවලපිටිය මි.මී. 81.9 ක්, ගිරිඋල්ල මි.මී. 78.4 ක් සහ දෙරණියගල මි.මී. 76.7ක් යන ප්‍රදේශවලටද ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇත. මේ නිසා ගංගා ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාවට ඉදිරි පැය කිහිපයේදී දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දෙයි.
තද වැසි – බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි අපේක්ෂා කෙරේ.
සමහර ප්‍රදේශවලට වැසි – උතුරු මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැක. ඌව පළාත, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ප.ව. 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
තද සුළං – මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම්, උතුරු-මැද, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය, හම්බන්තොට, මාතලේ දිස්ත්‍රික්කවල පැ.කි.මී. 30-40 දක්වා තරමක තද සුළං ඇතිවිය හැක.
අකුණු සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.
