NextWatch

පාස්කු ප්‍රහාර නඩුවේ අවසන් තීන්දුව හෙට

සංවේදී සිදුවීමක් වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ කුමන්ත්‍රණය කිරීම්, ආධාර හා අනුබල දීම් ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ ගොනුකර ඇති නඩුවේ අවසන් තීන්දුව හෙට සැප්තැම්බර් 22 ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

නීතිපතිවරයා විසින් ගොනු කරන ලද මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු වන නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබේ.

නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති මෙම නඩු විභාගය, නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ දීර්ඝ කාලයක් පුරා පැවැත්විණි.

දීර්ඝ කාලයක් පුරා පැවැති මෙම නඩු විභාගයේදී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී ඇත.

අදාළ සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් පසුව, දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දෙන ලදී.

Exit mobile version