2019 වසරේ සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවට සම්බන්ධ නඩුවේ අවසන් තීන්දුව අද (22) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
මේ හේතුවෙන් අලුත්කඩේ පිහිටි අධිකරණ සංකීර්ණය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යෙදවීමට පොලිස් බලධාරීන් පියවර ගෙන ඇත.
කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට ආසන්න සංඛ්‍යාවක් යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි. මෙම නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී ඇත.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද පෙරවරුවේ අලුත්කඩේ මහාධිකරණයේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
පසුගිය අගෝස්තු 24 වනදා මෙම නඩුවේ සාක්ෂි විමසීමේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් වූ අතර, නඩුවේ අවසන් තීන්දුව අද දින ප්‍රකාශයට පත් කරන බව විනිසුරු මඩුල්ල මීට පෙර දැනුම් දී තිබුණි.
