රුපියල් මිලියන 8.1ක අල්ලසක් ලබාගත් බවට චෝදනා එල්ල වූ ඌව පළාත් සභාවේ සංවර්ධන නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලංකා පොස්පේට් සමාගම මගින් පොස්පේට් අපනයනය සඳහා සමාගම් තුනකට පමණක් අවස්ථාව ලබාදීමට කටයුතු කරමින්, එම සමාගම්වලට බලපත්‍ර ලබාදීමට සහාය වීම වෙනුවෙන් අදාළ අල්ලස් මුදල ලබාගත් බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
ඔහු මීට පෙර හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
