2022 මැයි 9 වැනිදා ගාලුමුවදොර ‘ගෝටා ගෝ ගම’ විරෝධතා භූමියට එල්ල වූ ප්‍රහාරයට අදාළ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටිමින් ලිපියක් යොමු කර තිබෙනවා
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 20 දෙනෙකුට එරෙහිව චෝදනා 328ක් යටතේ අධිචෝදනා ගොනු කිරීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තුව සඟහන් කර සිටියි.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 56 දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධ චෝදනාද නඩුවට ඇතුළත් වන බව සඳහන්.
අධිචෝදනා ගොනු කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කිරීම සම්බන්ධ ඉල්ලීම මේ වන විට අගවිනිසුරුවරයා වෙත යොමු කර තිබෙනවා.
