NextWatch

විමල් වීරවංශගේ අනුරාධපුර කතාව ගැන CCIBයෙන් පරීක්ෂණයක්

පසුගිය සැප්තැම්බර් 12 වන දින අනුරාධපුරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජනරැලියක් අතරතුර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

එයාර් බස් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීම විවේචනය කරමින් විමල් වීරවංශ මහතා අනුරාධපුරයේදී කළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් සිදුව තිබේදැයි පරීක්ෂා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා පසුගිය 18 වන දින පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇති අතර, අදාළ ප්‍රකාශයේ වීඩියෝ දර්ශන ලබාගනිමින් පරීක්ෂණ පවත්වන ලෙසද එහිදී උපදෙස් දී ඇත.

එම අධිකරණ නියෝගයට අනුව CCIBය මගින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ඉදිරි දිනයකදී විමල් වීරවංශ මහතා කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතව තිබේ.

Exit mobile version