2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති ප්‍රධාන නඩුවේ තීන්දුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මේ වනවිට ප්‍රකාශයට පත් කරමින් පවතිනවා.
චෝදනා 23,270ක් යටතේ පවරා ඇති මෙම නඩුවේ විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කර ඇති අතර, විත්තිකරුවන් 9 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම, 10 වැනි විත්තිකරු එක් චෝදනාවක් හැර අනෙකුත් චෝදනාවලට වරදකරු කර ඇති බවද සඳහන්.
