එයාර්බස් ගුවන්යානා ගනුදෙනුවට අදාළ මුදල් විශුද්ධිකරණ විමර්ශනයේ සැකකරුවෙකු ලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (23) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඒ, පසුගිය 16 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි. එහිදී නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණා.
ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2කට ආසන්න මුදලක් අයථා ලෙස පරිහරණය කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙමින් පවතී.
