NextWatch

දිවයින පුරා ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද දින සැප්තැම්බර් 28 දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව, ඌව සහ නැගෙනහිර පළාත්වලටත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලටත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.

ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් සමඟ හදිසියේ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු හා හානි වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Exit mobile version