ජපානයේදී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ පිරිමි අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අද (28) පස්වරුවේ එක්වෙයි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම, ඩයමන්ඩ් ලීග් ශූරතාව මෙන්ම වර්ල්ඩ් අල්ටිමේට් ශූරතාවද දිනාගනිමින් විශිෂ්ට දක්ෂතා දක්වා ඇති රුමේෂ්, මෙරටට තවත් රන් පදක්කමක් අත්කර දීමේ ප්‍රධාන බලාපොරොත්තුවක් ලෙස සැලකේ.
මෙම ඉසව්වේදීම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුමේධ රණසිංහද අවසන් තරගයට තරග වදින අතර, එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.45 ට ආරම්භ වීමට නියමිතව ඇත.
මීට අමතරව, මීටර් 400 පිරිමි කඩුලු මතින් දිවීමේ අවසන් තරගය සඳහා අයෝමාල් අකලංක අද පස්වරු 4.03 ට එක්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින මීටර් 100 පිරිමි සහය ධාවන ඉසව්වේ අවසන් තරගය අද පස්වරු 6.53 ට පැවැත්වේ.
