NextWatch

උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙනිය සහ ගම්පොල දක්වා දුම්රිය ධාවනය ලබන 02 වැනිදා සිට යළි ඇරඹේ

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙනිය සහ ගම්පොල දක්වා දුම්රිය ධාවන කටයුතු ලබන ඔක්තෝබර් 02 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

අධික වර්ෂාව සහ පස් කඩා වැටීම් හේතුවෙන් රඹුක්කන සහ ගම්පොල අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 103කට දැඩි ලෙස හානි සිදු වූ අතර, එම ස්ථාන සියල්ලම කඩිනමින් පිළිසකර කර දුම්රිය ගමනාගමනය සඳහා ආරක්ෂිත මට්ටමට පත් කිරීමට දුම්රිය ඉංජිනේරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සමත්ව ඇත.

ඒ අනුව, කොළඹ කොටුවේ සිට පේරාදෙනිය සහ ගම්පොල දක්වා වන දුම්රිය ගමනාගමනය ලබන 02 වැනිදා පස්වරුවේ සිට යථා තත්ත්වයට පත්වීමට නියමිතයි.

එදින පස්වරුවේ සිට සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති අතර, මෙමඟින් දීර්ඝ කාලයක් තිස්සේ ගමනාගමන අපහසුතාවලට ලක්ව සිටි උඩරට මාර්ගයේ දුම්රිය මගීන්ට විශාල සහනයක් සැලසෙනු ඇත.

Exit mobile version